වරාය නගරයට එරෙහි ධීවර සංවිධාන එකමුතුවේ විරෝධතා පාගමන

hekitha1

ඊයේ  (17) ධීවර සංවිධාන එකමුතුව විසින් මීගමුවේ සිට හේකිත්ත දක්වා වරාය නගරය ඉදිකිරීමට එරෙහිව විරෝධතා පාගමනක් පවත්වනු ලැබුවා. එහිදී සටන් පාඨ කියමින් පත්‍රිකා බෙදාහරිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කොට තිබුනා.

“එම්බා හේකිත්ත, මීගමුව – ඔබට විය හැකි විපතක මහත” , “වරාය නගරය මහමුහුද කා දමයි – එවිට මහමුහුද අප ජීවිත, දේපල කා දමයි”, “රටේ හා ආගමික නායකයන්ට වරාය නගරය ඉල්ලමකි- අපට හා අපේ දරුවන්ට මර උගුලකි” යන සටන් පාඨ සහිත පුවරු රැගෙන, මල බෙර වයමින් ධීවරයන් මීගමුවේ සිට හේකිත්ත දක්වා දැනුවත් කිරීමේ පා ගමනක නිරත වුනා.

කම්කරුවන්-ගොවීන්-ශිෂ්‍යයන් එයට සහය දීමට එක්ව සිටියා. රාජපක්ෂ පාලනය ආරම්භ කල, වත්මන් පාලකයන් ලජ්ජා විරහිතව ඉදිරියට ගෙනයන වරාය නගර ව්‍යාපෘතියෙන් පරිසරයටත් ධීවර ජනතාවටත් සිදුවන විනාශයට එරෙහිව නිහඬව නොසිට පෙරට එන්න.

hekitha2

hekitha3

hekitha4