වකුගඩු ජාවාරමේ ලොක්කන් බේරා සොක්කන් කොටු වෙයි!

kidny -machine

ඉන්දියාවේ තරුණයන්ගේ වකුගඩු සුළු මුදලකට මිලදී ගෙන ඒවා ලංකාවේ පෞද්ගලික රෝහල්වලදී බද්ධ කිරීමේ ජාවාරම සමඟ සම්බන්ධ සැබෑ වග උත්තරකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියකු සම්බන්ධ වී ඇත. ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ජාවාරමේ නියෝජිතයකු මෙයට සම්බන්ධ ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකුගේ නම් හෙළි කර ඇත. එහෙත් එම වෛද්‍යවරුන් හය දෙනාම කණිෂ්ඨ වෛද්‍ය නිලධාරීන් වන අතර ඔවුන්ට වකුගඩු සැත්කම් සිදු කිරීමේ හැකියාවක් නැත. ඒවා සැබැවින්ම සිදු කළ විශේෂඥ වෛද්‍යවරුන් ආණ්ඩුව සමඟ ඇති සම්බන්ධය නිසා ගැලවී යාමේ අවධානමක් තිබේ. මෙම ජාවාරම සඳහා මෙහෙයුම්කරුවන් ලෙස කටයුතු කර ඇත්තේ වෛද්‍ය ෂෙරීෆ් හා වෛද්‍ය නියාස් යන ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනෙකි. සැත්කම සිදු කරන ලද්දේ ඔවුන් දෙනෙනා විසින් බවට ජනරළට වාර්තා ලැබී තිබේ. නමුත් අදාළ කණිෂ්ඨ වෛද්‍යවරුන් කොටු කර මේ මහමොලකරුවන් බේරා ගැනීමේ මෙහෙයුමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේද දායකත්වයෙන් දියත් වෙමින් තිබේ. චෝදනා ලැබූ වෛද්‍යවරුන් හයදෙනා අතර මේ එක් විශේෂඥවරයකුගේ දියණියක්ද සිටී. එමෙන්ම ප‍්‍රධානතම රජයේ රෝහලක අධ්‍යක්ෂවරයාගේ සමීපතම හිතවතියකගේ නමද ජවාරමට ගෑවී තිබේ. සියලූ දෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමීප සබඳතා පවතින බැවින් ලංකාවේදී ඔවුන්ට එරෙහිව පියවරක් ගත හැකි ඉඩ අවම බවද වාර්තා වේ.