රුහුණු ප‍්‍රථම වසර සිසුන් මාස දෙකක් ගෙදර

University-Of-ruhuna

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පසුගිය (27) දින පරිපාලන ගොඩනැඟිල්ලේ ලැඟුම් ගත්තේය. උද්ඝෝෂණ පාගමනකින් පරිපාලන ගොඩනැඟිල්ල ඉදිරිපිටට පැමිණි සිසුන් එම ස්ථානයේ විරෝධතාවය දක්වා පරිපාලන ගොඩනැඟිල්ල තුළ නතර වීමට තීරණය කර තිබුණි. නවක සිසුන්ගේ නේවාසිකාගාර සම්බන්ධ ගැටලූවක් විසදීමට පරිපාලනය කටයුතු නොකිරීම මීට හේතුවයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයට පසුගිය සඳුදා (26* සිසුන් 319ක ශිෂ්‍ය කණ්ඩායමක් බඳවා ගන්නා ලදී. එම විශ්වවිද්‍යාලයේ සාමාන්‍යයෙන් ප‍්‍රථම වසර හා අවසන් වසර ශිෂ්‍ය කණ්ඩායම් සඳහා නේවාසිකාගාර පහසුකම් හිමි වේ. නමුත් මෙම නවක ශිෂ්‍ය කණ්ඩායමට නේවාසිකාගාර පහසුකම් නොලැබෙන බවත් ඔවුන්ට නවාතැන් සඳහා කුලී නිවාස සොයා ගන්නා ලෙසත් ලිපියකින් දැනුම්දී තිබුණි. මේ නිසා නවක සිසුන් මහත් අපහසුතාවට පත්ව තිබිණි. මේ පිළිබඳ ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ සාකච්ඡුා කිරීමට උත්සාහ කළද දිගින් දිගටම සාකච්ඡුාවක් ලබා දීම මඟහැරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කර තිබේ.

කෙසේ නමුත් විරෝධතාව අතරවාරයේදී සිසුන්ට නේවාසිකාගාර ලබා දීමට වැඩපිළිවෙළක් සකසනු වෙනුවට පරිපාලනය විසින් නවක සිසුන් සඳහා මාස දෙකක් නිවාඩු ලබාදී ඇත.