රුසියානු ආරක්ෂ අංශ සාමාජිකයින් 88 දෙනෙකු හා යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනාද රැගත් ටී.යූ. 154 වර්ගයට අයත් යානයක් කළුමුහුදට කඩා වැටී ඇති බව වාර්තාවේ.
අද උදෑසන සෝචි නගරයෙන් සිරියාවේ ලටිකියාහි පිහිටි ගුවන් කදවූරක් වෙත ගමන්ගනිමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇත.
මෙම යානයේ සිටි පිරිස අතර එරට ජනප්‍රිය හමුදා තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකයින් හා වාර්තා කරුවන්ද සිටි බව ඇති බව වාර්තාවේ.
යානය ගමන් ආරම්භ කර තිබුනේ මොස්කව්වලිනි සෝචිවෙත පැමිණ නැවත ඉන්දන පුරවා ගුනීමෙන් පසුව යානය පිටත්වී විනාඩි 20 කින් ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමග තිබූ සංනිවේදන සම්බන්ධතාවය ඇණහිටි බව රුසියානු ආරෂක අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් හෙලි කර ඇත.
සෝචි නගරයට කිලෝමීටර් දෙකකට පමණ දුරින් කළුමුහුුදේ යානයේ සුන්බුන් හමුවූ බව එම වාර්තාව වැඩිදුරත් පවසා ඇත.