ආණ්ඩුවේ ආර්ථික කටයුතු හෙළිදරව් නොකරන්නේ එය ජනතාව රැවටීමේ උත්සාහයක් නිසයි- පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑත දින කිහිපයේ සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් ආරම්භ කළ ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධ සත්‍ය හෙළිදරව් නොකිරීම හා විනිවිද පෙනෙන තත්වයක් නොමැතිකම නිසා ඒවාද පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළාක් මෙන් ජනතාව රැුවටීමේ උත්සාහයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසයි.

හවුල් ආණ්ඩුව ගෙන එන ආර්ථික ප‍්‍රතිසංස්කරණ හා එහි අරමුණු පිළිබද අදහස් පළ කරන්නට ජනවාරි 11 වැනි දින මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදි පැවැත්වු මාධ්‍ය සාකච්ඡුාවේදී පෙ.ස.ප. දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ වැඩිදුරටත් පළකළ අදහස් පහත සටහන් වේ.

මේ වන කොට ලංකාවෙ ආර්ථික සංවර්ධන නමින් කි‍්‍රයාදාමයන් රාශියක් කි‍්‍රයාත්මක වෙනවා. ආණ්ඩුව මෑත දින කිහිපයේ සංවර්ධන ව්‍යාපෘති කියලා විවිධ ව්‍යාපෘති ගණනාවක් කි‍්‍රයාත්මක කළා. ඒවාගේ සත්‍ය හොදින් හෙළිදරව් වෙලා නැහැ. විනිවිද පෙනෙන තත්වයක් නැහැ. කලින් ආණ්ඩුව කළා වගේම බොරුපිට බොරු කියන තත්වයක් තමයි තියෙන්නේ. එකට හොදම උදාහරණය තමයි හම්බන්තොට වරාය. ඒ ආශි‍්‍රතව ගොඩ නගන සංවර්ධන කලාපය සඳහා චීන සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කර ආයෝජන කැඳවලා, විශාල ආදායමක් ලැබෙනවා ඒක හම්බන්තොට ණය පියවීම සඳහා යොදවනවා කියලා කියනවා. මේකම ගත්තත් බොරුවක්. පහුගිය අයවැය වේලාවෙත් අවස්ථා ගණනාවකදී, ආණ්ඩුවේ කෙටිකාලින වැඩපිළිවෙළ එළිදක්වපු අවස්ථාවෙදීත් ප‍්‍රකාශ කළා, ලංකාවේ නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ දියත් කිරීම සඳහා උත්සාහ ගන්නවා කියලා. ඒවගේම අධිරාජ්‍යවාදි නවලිබරල් ප‍්‍රතිසංස්කරණ දියත් කිරීම සඳහා උත්සාහ ගැණෙනවා. ඒ වගේම විදේශීය බහුජාතික ප‍්‍රාග්ධනය ලංකාවට ගෙන්නන්න ඒ සඳහා අපේ ආර්ථිකයේ තියෙන සියලූ දේවල් බිලි දෙන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. දැන් හම්බන්තොටදී ඔප්පුවෙලා තියෙනවා. චීනයේ ප‍්‍රාග්ධන වුවමනාව වෙනුවෙන් හම්බන්තොට වරාය විතරක් නොවෙයි, ජනතාවගේ ඉඩම් පවා බිලිදෙනවා. මේ වරාය ඉදිකිරීම සඳහා ණය අරන් තියෙන්නේ ශිී‍්‍ර ලංකා වරාය අධිකාරියෙන්. මේ ගිවිසුම හරහා ලැබෙන මුදල් කෙලින්ම මහා භාණ්ඩාගාරයට යන්නේ. මොන විධියකටවත් වරාය අධිකාරිය සතු ණය මුදල් බේරෙන්නේ නැහැ.
දැන්   වෙන්නෙ විදේශ විනිමය අනුපාතිකය රුපියල ස්ථාවරව තබා ගැනීම සඳහා සංචිත බිදවැටෙනවා. ඒ සංචිත ගොඩනැඟිම සඳහා තමයි මේක පාවිච්චි කරන්නේ. මේක ආර්ථික අර්බුදයක ප‍්‍රතිඵලයක්. ණය බේරිම සඳහා කරන වැඩක්. ආයෝජන ආපු එකක් නෙවෙයි. මේ තත්වය මේහෙමම තියෙද්දිත් දිගින් දිගටම අර ණය වාරික ගෙවන්න වෙනවා. ඒ කියන්නේ හම්බන්තොට සුළු හෝ ආදායමක් එනවනම් එකක් වසර 15කට නවතිනවා. මොකද අවුරුදු 15 යනකම් චීන සමාගම තමයි ආදායම් උපයන්නේ. වරාය අධිකාරියේ ණය බේරිම සඳහා කොළඹ හෝ අනෙකුත් වරායන්වල මුදල් යොදව ගන්න වෙනවා.
මේකට හොඳම උදාහරණය තමයි කුලියාපිටියේ පිහිටුවනවා කිව්ව වොක්ස්වාගන් කර්මාන්ත ශාලාව. ඒ කර්මාන්ත ශාලාවේදි වොක්ස්වාගන් වාහන එකතු කරලා වාහන නිෂ්පාදන කිරීමේ කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා. ඒ සඳහා ඩොලර් මිලියන 26ක ආයෝජනයක් ගෙන්වනව කිව්වා. 2015 දෙසැම්බර් පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ කිව්වා. වොක්ස්වාගන් සමාගමත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ කට අනුව ලංකවේ වොක්ස්වාගන් කර්මාන්ත ශාලවාක් ආරම්භ කරනවා. ආරම්භක උත්සවය පත්වද්දි සියලූම පුවරුවල සඳහන් වෙලා තිබුණේ වොක්ස්වාගන් නම නෙවෙයි වොක්ස්වාගන් ප‍්‍රයිවෙට් ඔටෝ ලිමිටට් කියන නම. ඒ නමින් තමයි උත්සවය පැවැත් වුවේ.
රූපවාහිනි නාලිකාවක් විසින් කරපු විමසීමකදී එහි සන්නිවේද අංශයේ ප‍්‍රධානියා ප‍්‍රකාශක් කරලා තිබුණා. ඔවුන්ගේ සමාගම ලංකාවේ කිසිදු ආයෝජනයක් සිද්ධ කරලා නැහැ කියලා. කුලියාපිටියේ කර්මාන්ත ශාලාව ඔවුන්ගේ නෙවෙයි කියලා, ප‍්‍රකාශ කලාට පස්සේ ආණ්ඩුව සම්පුර්ණයෙන්ම පාර වෙනස් කළා. කවුද කිවේ වොක්ස්වාගන් ගෙනවා කියලා. අපි නම් කිව්වේ නැහැ. අපි කිව්වේ ඒ සඥනාම යටතේ කොටස් එකතු කරලා මෝටර් රථ නිෂ්පාදනය කරනවා කියාලා ඊට පස්සේ තමයි. පහුගියදා සන්ඬේ ටයිම් පුවත්පත විමසීමක් කරලා තිබුණා ලංකාවේ ජර්මානු තානාධිපති කාර්යාලයෙන් එහි නියෝජ්‍ය ප‍්‍රධානි මයිකල් ටොක්මන් කියලා තිබුණා. ජර්මානු සම්භවයක් වොක්ස්වාගන් සමාගමේ කිසිදු ආයෝජනයක් හෝ ඔවුන් විසින් බලය පවරණ ලද කොටස් එකතු කිරීමක් හෝ කිසිවක් ලංකාව තුළ සිදු කරන්න බලයක් දීලා නෑ කියලා. දැන් ප‍්‍රශ්නය තියෙන්නේ මේ ව්‍යාපෘතිය සඳහා 2015 අගොස්තු 13 වැනිදා ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම අත්සන් කළේ සෙනොක් ඔටෝ මොබයිල් කියන සමාගමත් එක්ක. ඒ ගිවිසුමට අනුව තමයි කුලියාපිටිය කර්මාන්ත ශාලාව ආරම්භ කරලා තියේනනේ. මෝටර් රථ නිෂ්පාදකයන්ගෙ සංගමය ගියනවා මේ වැඬේ පාඩුයි කියලා. ලංකාවට ගෙන්වන සියලූ මෝටර් රථවලට බදු අය කරනවා. රේගු ආදායමෙන් 40%ක්ම තියෙන්නේ සම්පුර්ණම බදු. මෙහෙ කොටස් ආනයනය කිරීමෙන් ලාභයක් එන්නෙ නැහැ. ඒ වියදම යනවා. සෙනොක් ඔටෝ මොබයිල් සමාගම කාටද? අයිති. මෙහි හිමිකරු නොයල් සෙල්වනායගම් කියන ව්‍යාපාරිකයෙක්. මොහු පිළිබඳව පසුගිය කාලයේ බරපතළ සාකච්ඡුා ඇතිවුණා. මොහු හිටපු ජනාධිපති වරයාගේ පුතා වන නාමල් රාජපක්ෂගේ සමීප සම්බන්ධයක් තියෙන කෙනෙක්. පසුගිය ආණ්ඩු කාලයෙදී මොහු ව්‍යාපාරික කටයුතු සඳහා අයථා අන්දමින් බලය පාවිචිච් කළා කියලා චෝදනා තියෙනවා. ඒවා අපි හොයාගත්ත දේවල් නෙවෙයි, මේ ආණ්ඩුවේම අය තමයි මැතිවරණ වේදිකාවෙදි ඒ ගැන කතා කළේ. දැන් ප‍්‍රශ්නය තියෙන්නෙ ඩොලර් මිලියන 26. 5 කාගෙන්ද? අයිති සෙනක් ඔටෝ සමාගමට නම් දේශිය ආදායම් දේපාර්තමේන්තුව එකට ලැබුණු බදු ගැන සෑහීමකට පත්වෙලා තියෙනවාද? නැත්නම් මේක කොහේ හරි තියෙන අබිරහස් මුදලක්ද?

ඊළඟ එක තමයි පහුගිය 5 වැනි දා හොරණ වගවත්ත ප‍්‍රදේශයේ ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ කර්මාන්ත කලාපයේ ටයර් කර්මාන්ත සමාගමක් විවෘත කළා. ඒක ලංකාවේ විශාලතම ටයර් කර්මාන්ත සමාගම කියලා තමයි කිව්වේ.
ඉතාලි මයර් මෝලි කියන සමාගම මේ ටයර් කාර්මාන්ත ශාලාව ආරම්භ කරන්න ඩොලර් මිලියන් 75ක මුදලක් ආයෝජන කරලා තිබුණා. කලින් ජර්මන් ආයෝජන ගැන කිව්වා වගේම මෙකත් කියලා තිබුණේ ඉතාලි මැරන් මොලි සමාගම විසින් ඩොලර් මිලියන 75ක් ආයෝජනක් කරලා තියෙනවා කියලා. ඒ ආණ්ඩුව ගැන විශ්වාසය පළ කරමින් විදේශ ආයෝජකයෝ එනවා කිව්වා. නමුත් මේ ඉතාලි සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා. ලංකාව තුළ ඔවුන් කිසිදු ආයෝජනයක් කරලා නැහැ කියලා. නමුත් ලංකාවේ පටන් ගන්න ටයර් කර්මාන්ත ශාලාව සඳහා තාක්ෂණික සහය සඳහා එකඟතාවක් තියෙනවා කියලා.

ඒ ඩොලර් මිලියන 75 ආවේ කොහෙන්ද? ඉතාලියෙන් නෙවෙයිනේ. ඒකේ රහස හෙළිදරව් වෙන්නේ ඒ කර්මාන්ත ශාලාව පටන් ගත්ත ආයතන හිමි කරු නන්දන ලොකු විතාන කියලා පුද්ගලයෙක්. මොහු ගැනත් පසුගිය මැතිවරණවලදි සාකච්ඡුා වුණා. මහින්ද ලා මුදල් තැන්පත් වෙලා තිබුනේ නන්දන ලොකු විතානගේ නමින් කියල මේ ආණ්ඩුවේ අය මැතිවර වේදිකාවලදි කිව්වා.

මේ නන්දන ලොකු විතාන කියන පුද්ගලයා මැදවච්චියේ ඉපදිච්ච කෙනෙක්. ඒයාගේ තාත්තා විදුහල්පතිවරයෙක්. එයා ඉංජිනේරු ඩිප්ලෝමා සමාගම සම්බන්ධව ඇගළුම් කර්මාන්ත ශාලාවක වැඩ කළා. ඊට පස්සේ එයා ඩුබායි ගියා. එහි ඇගලූම් කර්මාන්ත ශාලාව නිශ්පාදන සහායකයෙකු ලෙස වැඩ කරන්න. මොහු ඩුබායිවල කාමර 350ක තරු 5 හෝටලයක් පටන් ගත්තා. මැරියට් හෝටලය කියලා කියන්නේ. ඩුබායිවල රස්සාවට ගිය කෙනෙකුට ඉඩම් අරගේන හෝටලයක් හදන්න සල්ලි ලැබුණේ කොහොමද?

මෙන්න මේව තමයි ප‍්‍රශ්න. හොයන්න  ඕන මේ වගේ ඇත්තටම සැකකටයුතු කලූ සල්ලි ජාවාරම් ගැනයි.

Leave a Reply