යහපාලන ප්‍රජාතත්ත්‍රවාදය කෝ? දැවන්ත උද්ඝෝෂණය අද

19 kotuwa

වත්මන් ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින කුමාර් ගුණරත්නම් වහා නිදහස් කරන ලෙසත්, ඔහුට ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමේ අයිතිය ලබා දෙන ලෙසත් ඉල්ලා අද දින කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව පැවසුවේ යහපාලනයක් ගෙන එනවා යැයි පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය මෙයදැයි ප්‍රශ්න කරන බවයි.