මාළඹේ වෙද කඩේට එරෙහිව යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ සිසුන් විසින් අද විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ. මාළඹේ සයිටම් ආයතනය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට එරෙහිව මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වා ඇත.
මෙම විරෝධතාව අද පෙරවරුවේ යාපනය සරසවියේ සිට යාපනය බස් නැවතුම්පළ දක්වා පාගමනින් පැමිණ අතර පෞද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කර පවත්වාගෙන යාමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් අධ්‍යාපන අයිතිය වෙළද භාණ්ඩයක් කිරීමට ඉඩ නොදියයුතු බව යාපනය වෛද්‍ය සිසුන් විසින් මෙම විරෝධතා ව්‍යාපාරයේදී අවධාරණය කර තිබේ.
යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ අධයපනය ලබන තමිල්,මුස්ලිම් හා සිංහල සිසුන් මෙම විරෝධතාවයට එක්ව සිටි බව වාර්තාවේ.