සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අද (26) දින මරදාන සී. එස්. ආර් ශාලාවේදී පැවැතුණා.
මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමේ ගිෂාන්ත දසනායක වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇති කරුණු කිහිපයක් පිළිබඳ අදහස් දැක්වූවා.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය උපාධි ලබා දීමේ ආයතනය පිළිබඳ
ඖෂධ පනත සම්බන්ධයෙන් සහ එහිදී ආණ්ඩුව විසින් සිදු කරන රැවටීම පිළිබඳ
වකුගඩු ජාවරමක් පිළිබඳ කරුණු අනාවරණය වීමත් ඒහා මතු වී ඇති සාකච්ඡාව පිළිබඳවත් යන කරුණු පිළිබඳ මාධ්‍ය වෙත කරුණු පැහැදිළි කළා.
මෙම මාධ්‍ය හමුව සඳහා එම සංගමයේ ලේකම් වෛද්‍ය ධම්මික පතිරණ සහ එහි උප සභාපති ජයන්ත රාජපක්ෂ සහභාගී වුණා.
මාලඹේ වෛද්‍ය උපාධි ආයතනය යනු ආරම්භයේ සිටම විශාල ලෙස බොරු කරමින් එහි සිසුන් දෙමාපියන් මෙන්ම සියලු දෙනා රැවටූ ආයතනයක්. එවැනි ආයතනයක් පිළිබඳ කළ යුතුව ඇති එකම දේ එය අහෝසි කිරීම බවත්. නමුත් සමහර අය එය ජනසතු කරනු යනුවෙන් පවැසීම විහිළු සහගත බවටත් මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණා. මෙහි ජනසතු කිරීම යන කාරණය රාගම වෛද්‍ය පීඨය ජනසතු කිරීම අර්ථයෙන් නොපවතින බවත් මේ තුළින් සිදු විය හැක්කේ විශාල වංචාවක් සිදු කර ඇති වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මෙන්ම මෙම ආයතනය ශුද්ධ වීමයි. යනුවෙන් වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසුවා.
ඖෂධ පනත නාමයෙන් වෛද්‍ය සේනක බිබිලේ පෙන්නමින් ආණ්ඩුව සිදු කළ බොරුවත්. ඒ තුළ අඩංගු ප‍්‍රධාන කරුණු කිසිවක් ආණ්ඩුවේ පනත තුළ අඩංගු නැති බවත්. මෙකී පනතෙන් පැරසිටමෝල් පෙත්තකවත් මිල අඩු කිරීමක් සිදු වී නැති බවත් මෙහිදී පැවසුණා. විවිධ බෙහෙත් වර්ග පෙන්වමින් උදාහරණ සහිතව ඒවායෙන් සිදු වන රැුවටීම හා සමාගම් වල ලාබ මලූ පිරෙන ආකාරය මෙහිදී පැහැදිළි කළා.
තවදුරටත් වකුගඩු ජාවාරම පිළිබඳ මෙන්ම සීපා ගිවිසුම පිළිබඳ සාකච්ඡුාවත් මෙහිදී කතා කෙරුණා. වෛද්‍ය ක්ෂේත‍්‍රය මීට අයත් නෑ යැයි කියා වෛද්‍යවරුන්ට මින් අවුලක් නොවේ යැයි කල්පනා කිරීම මුලාවක් බවත්. මුලින් ඉංජිනේරු ආදී ක්ෂේත‍්‍රයන් මඟින් ආරම්භ වන මෙම ගිවිසුම් පසු කලක වෛද්‍ය ක්ෂේත‍්‍රය කරා පුළුල් වීම අනිවාර්යෙන් සිදු වන බවත් ඒ නිසා මේ පිළිබඳ අවධානය මොහොතක්වත් අඩු නොකළ යුතු බවටත් මෙහිදී අදහස් ඉදිරිපත් වුණා.


මෙහිදී වෛද්‍ය ගිශාන්ත දසනායක දැක්වූ සම්පූර්ණ අදහස් දැක්වීමට පහත සබැඳියාවෙන් ඔබට ඇසීමට පුළුවන්.