මහින්ද රාජපක්ෂ සහ රනිල් වික‍්‍රමසිංහ අතර ඇති කරගෙන තිබෙන දේශපාලන එකඟතාවට අනුව ඔවුන් දෙදෙනා එකිනෙකාට ප‍්‍රහාර එල්ල නොකිරීමේ ස්ථාවරයකට ගමන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ සහය ගැනීමේ ක‍්‍රියාවලියට මහින්ද රාජපක්ෂ බාධා නොකර සිටීමේ කොන්දේසිය මත ඔහුට එරෙහිව ඇති මූල්‍ය වංචා සහ මිනීමැරුම් වලට අදාළ චෝදනා යට ගැසීමට රනිල් වික‍්‍රමසිංහ එකඟ වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.
මෙම ක‍්‍රියාවලියට අදාලව හොඳ හිත ප‍්‍රකාශයට පත්කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම එකිනෙකාට එරෙහිව පවරා තිබු නඩු ඉවත් කරගෙන තිබේ. මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සහ ඔහුගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව පවරා තිබූ පෙත්සමක් පෙත්සම්කාර පාර්ශවය වන බස්නාහිර පළාත් සභාවේ එජනිස මන්ත‍්‍රී රේණුක පෙරේරා විසින් අගෝස්තු 27වැනිදා ඉවත්කර ගැනිණි.
ඒ පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් තම පෙත්සම ඉවත්කර ගන්නා බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දැනුම්දීමෙන් පසු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය විසින් පෙත්සම ඉවත්කර ගැනීමට අවසර ලබා දී තිබේ.
මේ අතර හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ට එරෙහිව නීතිඥ කැලූම් කුමාරසිංහ විසින් ගොනුකර තිබුණු පුද්ගලික නඩු දෙකක්ද අදාළ පෙත්සම්කාර පාර්ශවය විසින්ම ඉවත්කරගෙන තිබේ.
හර්ෂනී රාජකරුණා