මහින්ද පාර්ශවය පසු බසී

mahinda-rajapaksha

හවුල් ආණ්ඩුවට සංධානයේ මන්ත්‍රීවරු 70වකට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් එකගකර ගැනීමට මෙවන විට මෛත්‍රී පාර්ශවය කටයුතු  කර ඇතැයි බව වාර්තාවේ.

එජනිස මන්ත්‍රීවරැ 96 දෙනාගෙන් මන්ත්‍රීවරු  12 දෙනෙකු පමණයි අනෙක් පක්ෂවලින් තේරී පත්ව තිබෙන්නේ. ඉතිරි මන්ත්‍රීවර 84 දෙනාම පත්ව ඇත්තේ ශ්‍රීලනිපයෙන් මේ අය අතරින්  විශාල පිරිසක් මහින්ද පාර්ශවයට මුලින් සහයෝගය ලබාදී තිබුනි.

මැතිවරණ ප්‍රථිඵලවලින් පසුව හවුල් ආණ්ඩුවක් පිහිටවීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා තීරණය කිරීමත් සමග හවුල් ආණ්ඩුවේ මොකක් හෝ ඇමැති ධුරයක් තමතමන්ට ලබා ගැනීමේ උත්සාහයක් ශ්‍රීලනිප මන්ත්‍රීවරු අතර පවතින බව වාර්තාවේ.

මේ අනුව රාජපක්ෂවරු දෙපසටවී ඇත. මහින්ද හා නාමල් විපක්ෂයේ සිටීමට තීරණ කරන විට චමල් රාජපක්ෂ හවුල් ආණ්ඩුවේ යම් ඇමැතිධුරයක් හෝ වෙනත් වගකීමක් ගැනීමට සූදානම් බවට තොරතුරු වාර්තාවේ.වාර්තාවන අන්දමට 84 දෙනෙකු වන ශ්‍රීලනිප මන්ත්‍රීවරු අතරින් මන්ත්‍රීවර 14ක් පමණ හවුල් ආණ්ඩුවට එක් නොවීමට තීරණ කර ඇත.

ඒ අනුව සංධානයේ අනක් පක්ෂවල මන්ත්‍රීවරු  12 දෙනාද සමග විපක්ෂයේ සිටීමට බලාපොරොත්තුවන මන්ත්‍රීවරු සංඛ්‍යාව 25කට ආසන්න ප්‍රමාණයක් බව වාර්තාවේ.

නමුත් මැතිවරණ අවසන් වූ අවස්ථාව වන විට තිබු තත්වය වූයේ මහින්ද රාජපක්ෂ විපක්ෂනායක කර ප්‍රබල විපක්ෂ කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට නමුත් මේ වන විට මෛත්‍රීපාර්ශවය විසින් ශ්‍රීලනිපයේ බලය ස්ථාවරකර ගැනීමට ක්‍රමිකව කටය්‍රතු කිරීම හේතුවෙන් මෙම තත්වය මහින්ද පාර්ශවයට උදාවී තිබේ.

Leave a Reply