විපක්ෂ නායකයකු පත්කර ගැනීමකින් තොරව අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යන අතර හවුල් ආණ්ඩුකරණය හේතුවෙන් හා එජනිය තුල පවතින මෛත්‍රී හා මහින්ද පාර්ශවයන් දෙකේ බල අරගලය හේතුවෙන් මෙසේ විපක්ෂයේ ප්‍රධාන තනතුරු වන විපක්ෂ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය පත්කර ගැනීමේ ගැටළුවක් නිර්මාණයවී ඇති බව වර්තාවේ.
අද දින පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසුව කතානායකධුරය හා නියෝජ්‍ය කතානායකධුරයත් සභානායක හා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකධුරයන් පත් කරගැනීමෙන් අවසන් විය.
අද සවස මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල පාර්ලිමේන්තුව හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.