මේ දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයකු පත්කර නැති අතර විපක්ෂ නායක ධුරය තමන් වෙත ලබාදෙන ලෙස එජනිසයේ මන්ත්‍රීවරු පිරිසක් හා ද්‍රවිඩ ජාතික සංධානය යන පාර්ශව දෙකක් විසින්ම තමන් වෙත එම ධුරය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට හා කතානායක වරයාගෙන් ඉල්ලීම් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විපක්ෂ නායකවරයා ලෙස පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 56 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන වෙත භාර දී ඇති අතර ඊට අමතරව එම කණ්ඩායම විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පත් කරන ලෙසද එමඟින් ඉල්ලීමක් කළ කර ඇතැයි වාර්තාවේ.
අද දින (03) පාර්ලිමේන්තුව රැස්වන අතර කතානායකවරයා විසින් අද දිනයේ විපක්ෂනායකවරයා කවුද යන්න තීරණ කරණු ඇතැයි විශ්වාස කරනවා. අටවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට ඊයේ සහභාගි වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම මාධය වෙත කියා සිටියේ තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු බැවින් එම තනතුරට තමා සුදුස්සෙකු බවත් හවුල් ආණ්ඩුවට තමා සහභාගී නොවන බැවින් විපක්ෂයේ අසුන් ගන්නා නිසා එම තනතුරට තමා සුදුස්සකු බව විශ්වාශ කරන බවයි.
විපක්ෂ නායක ධුරය සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් ආර්. සම්බන්ධන් ගේ නම යෝජනා කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර තිබෙන අතර ඊයේ පුරවැසි බලය සංවිධානයද යෝජනා කර ඇත්තේ ආර්.සම්බන්දන්ට විපක්ෂ නායක ධුරය ලබා දියයුතු බව පුරවැසි බලය විශ්වාස කරන බවයි.

