චන්ද්‍රසිරි ගජධීර ස්වාධීනවෙයි

gajadeera

මෙවර මහ මැතිවරණයෙන් එජනිස යටතේ තරග කල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට දිනාගැනීමට හැකි වුයේ එක් මන්ත්‍රීධුරයක් පමණි. එය ලැබුනේ මාතර දිස්ත්‍රික්කයෙනි. මෙවර පාර්ලිමේන්තුවට පත්වූ චන්ද්‍රසිරි ගජධිරයි ඉදිරි පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත.

මේ ගැන එම පක්ෂයේ පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර සඳහන් කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව වෙනම ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස තම මන්ත්‍රීවරයා ඉදිරි පාර්ලිමේන්තුවේදී කටයුතු කිරීමට බලාපොරොත්තු බවයි.

මිහින්ද රාජපක්ෂ පාර්ශවය සමග සමීපව පසුගිය මැතිවරණයේදී කටයුතු කිරීම හේතුවෙන් කොමියුනිට් පක්ෂයට එජනිස ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදී  නැත. ඒ පිළිබදව සිය පක්ෂයේ අප්‍රසාදයද එජනිස ප්‍රධානීන් වෙත මීට පෙර කොමියුනිට් පක්ෂය විසින් පළ කර තිබුනි.

Leave a Reply