හවුල් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 48ක් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 45ක්ට හා ආසන්න වන බවට තොරතුරු වාර්තාවේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් එහි ඇති වගන්තියක දැක්වෙනුයේ ජාතික ආණ්ඩුවක් පත්කරන අවස්ථාවක එම ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව ගැන පාර්ලිමේන්තුව විසින් තීරණය කළයුතු බවයි.
මේ හේතුවෙන් හවුල් ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට පෙර ආණ්ඩු පක්ෂයේ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙත ලිඛිතව දන්වා යවා ඇත. ඒ අනුව යෝජිත හවුල් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සාමාජිකයින් ගණන 48 වන බවත් ඊට අමතරව රාජ්‍ය හා නියෝජ්‍ය අමාතයවරු සංඛ්‍යාව 45ක් වන බවත් දන්වා ඇතැයි වාර්තාවේ.
මේ යෝජනාව පිළිබද විවාදයක් හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර අනිද්දා (04) සිකුරාදා කැබිනට් අමාත්‍යවරුන් අතුළු රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට බොහෝදුරට ඉඩ අැති බව වාර්තාවේ.