ජනාධිපති හා සන්ධාන නායකයින් අතර හමුවක්

UPFA-logo

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්වෙන බව සන්ධාන ආරංචි මාර්ග පෙන්වාදේ.

මෙම හමුව සදහා එජනිසයට අයත් පක්ෂවල නායකයින් වන ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර යනට මේ සඳහා ආරාධනා ලැබී ඇති බව වාර්තා වේ.

මහමැතිවරණය පවත්වා සති දෙකක් පමණ ගතව ඇති අතර හෙට දිනයේ පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය ආරම්භ කිරීමට නියමිතව ඇත. රටේ වත්මන් දේශපාලන තත්වය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එළැඹෙන පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ යුතු ආකාරය මෙහිදී සාකච්ඡා වනු ඇතැයි වාර්තාවේ.

 

Leave a Reply