අද කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ කැදවනු ලැබූ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමේ නඩුව ලබන 27 වැනිදා දක්වා කල් දැමීමට අද පෙරවරුවේ කෑගල්ල මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබේ.
අද නඩුව කැදවනු ලැබූ අවස්ථාවේ කුමාර් ගුණරත්නම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කන්ඩායම වූයේ අසිත සිරිවර්ධණ, නුවන් බෝපගේ, අජිත් කුමාර, උදුල් ප්‍රේමරත්න හා කෑගල්ල උසාවියේ සිටි විශාල නීතිඥ කණ්ඩායමක් මෙම නඩුව කැදවූ අවස්ථාවේ කුමාර් ගුණරත්නම් වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් දක්වන ලදී.
විත්තියේ නීතිඥයින් විසින් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරමින් අධිකරණයේ අභිමතයට අනුව කිසියම් ඇප කොන්දේශියක් මත කුමාර් ගුණරත්නම්ට ඇප ලබාද දෙන ලෙස ප්‍රබල ඉල්ලීමක් කළ අතර එම තත්වය සලකා බැලීම සදහා ලබන 27 වැනිදා නඩුව නැවත කැදවන්න කෑගල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. අද දින කෑගල්ල පොලිසිය හා රජයේ වෙනුවෙන් නීතිඥයකු ඉදිරිපත්ව සිටි අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කිසිවකු අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.
ජේෂ්ඨ නීතිඥ නලීන්ද ඉන්ද්‍රතිස්සගේ උපදෙස් අනුව මෙම නඩුව සදහා අසිත සිරිවර්ධන ඇතුළු නීතිවරු පෙනී සිටියි.