පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

kumar-14

අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවා තිබුනු කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවය පවත්වනු ලබන අට්ටාලය ඉවත් කිරීම හා සත්‍යග්‍රහය  නැවැත්වීමට නියෝගයක් ලබා දෙන ලෙස පොලීසිය විසින් කරන ලද ඉල්ලීම ඉවත දැමීමට කොළඹ මහෙස්ත්‍රාත්වරයා තිරීණය කළේය.

මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයට සම්බන්ධවූ අයද ඇතුළු කුමාර් ගුණරත්නම්ගේ නැගණීයට අද දින උසාවිය හමුවට පැමිණෙන්නැයි දන්වා සිතාසි එවා තිබුනි.

මෙම නුඩුව නැවත ලබන සිකුරාදා කැදවන ලෙස නියම කර ඇතැයි වාර්තාවේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙම අඛණ්ඩ විරෝධතාවය පවත්වනු ලබන්නේ අතඅඩංගුවට ගෙන ඇති කුමාර් ගුණරත්නම් වහා නිදහස් කරන ලෙස බල කරමිනි.