විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ 2020 න් පසුව- මංගල කියයි

mangala

එජාප සිරිකොත මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කර ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ වසර 2020 දී බවයි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිළ කාලය අවසන් වූ වහාම විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කර අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවට විධායක බලය ලැබෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එ්මට කටයුතු කරන බවද ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් යහපාලන ජනාධිපතිවරයාට මෙරට ජනතාව සිය ඡන්දය ලබාදෙනු ලැබුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට වන පොරොන්දුව නිසාය.

මෑතක අපවත්වී වදාල මාදුඵවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් වැනි තවත් සිවිල් සංවිධාන රාශීයක් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව මත වත්මන් ජානාධිපතිවරයා වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒමට කටයුතු කරන්නැයි මෙරට ජනතාවට පැවසුහ.

නමුත් දැන් යහපානයේ විදේශ ඇමැති කියන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන තුරු එය ඉටු කිරීමට වත්මන් යහපාලන ආණ්ඩුව කටයුතු නොකරන බවයි.

Leave a Reply