අඛණ්ඩ විරෝධතාවය ගැන අද උසාවියට කරුණු කියයි

court 2

කොටුව දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවය ගැන කරුණු දැක්වීමට
කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්වීම

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සහෝදරයා සහ තවත් එවැනි පිරිස් වල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් හා දේශපාලන අයිතීන් පිළිගැනීමටත් තහවුරු කිරීමටත් ආණ්ඩුවට බල කරමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවය නිසා මහජනතාව පීඩාවට පත්වන බව සහ අනවසර ඉදිකිරීමක් ඉවත් කළ යුතු බවට කොටුව පොලිසිය විසින් අධිකරණයේ කළ පැමිණිල්ල අද (20)දින යළි විභාග වීමට නියමිතය.

අද පෙරවරු 9.00 ට කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් වන දුමින්ද නාගමුව, අජිත් කුමාර, සංජීව බණ්ඩාර, නව සම සමාජ පක්ෂයේ ධර්මසිරි ලංකාපේලි සහ නිරංජනී ගුණරත්නම් ඉදිරිපත් වෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

Leave a Reply