කුමාර් ගුණරත්නම් අද කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට

kumar-gunaratnam1

මේ වන විට කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින කුමාර් ගුණරත්නම් අද කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට කැදවීමට නියමිත බව වාර්තාවේ.

පසුගිය 04 වැනි දින සිය මව බැලීමට ගොස් සිටින විට කුමාර් ගුණරත්නම්ව කෑගල්ල පොලීසියේ නිධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදී.  ඔහුව එදිනම කෑගල්ල මහෙස්ත්‍රාත්වයා හමුවට ඉදිරිපත් කිරීමට කෑගල්ල පොලීසිය කටයුතු කරන ලදී.

එසේ ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහුව පිටුවහල් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසය. මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීමට අවසර ලබා නොදී කුමාර් ගුණරත්නම්ව අද දින (18) දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර අදාල අංශ වෙත අද දින අධිකරණයට ඉදිරිපත්වී කරුණු දැක්විය යුතු බවට නියෝග කර තිබේ.