18.11.2015 දින කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ දැක් වූ අදහස්.
“අද කුමාර් ගුණරත්නම් සහෝදරයා අත් අඩංගුවට ගෙන පිටුවහල් කිරිමට ආණ්ඩුව ගන්නා උත්සාහයට අදාලව අධීකරණය හා සමිබන්ධිත සිද්ධි දෙකක් සිදු උනා.
කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට කුමාර් ගුණරත්නම් සහෝදරයා ඉදිරිපත් කල අවස්ථාවේ පොලීසිය ඉල්ලා සිටියේ වීසා කල් ඉක්මවා මෙරට රැදී සිටින ඔිස්ටේරිලියන් ජාතිකයෙකු වන මෙම පුද්ගලයා රටෙන් පිටුවහල් කිරීමට අවසර ලබාදෙන ලෙසයි.
නමුත් කුමාර් සහෝදරයා වෙනුවෙන් කරුණු දැක් වූ නීතිඥයින් කරුණු ඉදිරිපත් කරමින් තහවුරු කලේ කුමාර් ගුණරත්නම් ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් බැවින් වීසා සම්බන්ධ ගැටඑවක් මෙහි නොමැති බැවින් අදාල අධිකරණ කි‍්‍රයාමාර්ග අවසන් වන තුරු ඔහුට ඇප ලබා දිය යුතු බවයි.
මෙම අවස්ථාවේදී කෑගල්ල උසාවියේ සිටි සියලුම නීතිඥයින් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් නැගී සිටිමින් උසාවියේ කුමාර් සහෝදරයා වෙනුවෙන් නැගී සිටියා. එය කෑගල්ල උසාවියේ මෙවැනි සිද්ධියක් වාර්ථා වූ පළමු අවස්ථාවයි.
අප විසින් ඉදිරිපත් කල ඇප ඉල්ලූම්පත සලකා බැලීම සදහා අධිකරණය නොවැ. 27 දින දක්වා කල් තැබුවා.එතෙක් කුමාර් සහෝදරයා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
පසුගිය දින කිහිපය තිස්සේ වීසා සම්බන්ධ ප‍්‍රශ්නයක් මතු කරමින් කුමාර් ගුනරත්නම් සහෝදරයා පිටුවහල් කිරීම ගැන මතයක් හදන්න ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටියා.මේ සදහා අධිකරණය,පොලීසිය වැනි රාජ්‍ය ආයතන යොදා ගත්තා.
නමුත් අධිකරණය මේ වන විට මේ සම්බන්ධව වන නීතිමය තත්වයන් සලකමින් ඉන්නවා.
අනෙක් අතට කුමාර් සහෝදරයා පමණක් නොවෙයි දේශපාලන හේතු මත ලංකාවෙන් ඉවත්ව ගිය සියලු පිරිස්වලට යළි මෙරටට පැමිණීමට ඇති මූලික අයිතිය තහවුරු කර පිළිගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීමට අප විසින් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට පවත්වන ‘‘අඛණ්ඩ විරෝධතාවයට’’එරෙහිව පොලිසිය අද උසාවියට ගියා.
ඒ මහජනයා පීඩාවට පත් කරමින් නර ඇති අනවසර ගොඩනැගීමක් ඉවත් කිරීමට උසාවි නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලමිනුුුයි.බී/3329/2015 නඩු අංකය යටතේ අජිත් කුමාර, සංජීව බණ්ඩාර,දුමින්ද නාගමුව යන අපේ පක්ෂ සාමාජිකයින් තිදෙනාත්, නව සමසමාජ පක්ෂයේ කම්කරු නායකයෙක් වන ධර්මසිරි ලංකාපේලි සහෝදරයාත්,කුමාර් සහෝදරයාගේ නැගණිය නිරංජනී ගුණරත්නම් සහෝදරියත් මෙහි විත්තිනරුවන් ලෙස නම් කර තිබෙනවා. මේ සියලු දෙනාම අපත් සමග මෙම සටනේ එක්ව සිටින අය. තාක්ෂණික හේතුවක් නිසා අධිකරණය අද දිනයේ තීන්දුවක් ලබා දුන්නේ්් නැහැ.
එම නඩුව සිකුරාදා දක්වා කල් තැබුවා. සත්‍ය ලෙසම අද අනවසර ගොඩනැගීම් ,අනවසර ලෙස රජයේ ඉඩම් අල්ලා ගැනීම්, බදු ගෙවීම් පැහැර හැරීම් කරන්නේ කවුරුන්ද?මේවා පිටුපස තිබෙන ආරක්ෂාව කාගේද? ජනතාව සැබෑ ලෙසම පීඩාවය පත්ව තිබෙන්නේ ඒවායින් නෙවෙයිද?
ඇත්තෙන්ම අපගේ සටන් ක‍්‍රියා මාර්ගය නිසා ජනතාව පීඩාවට පත්ව තිබෙනවාද?අද රට පුරාම මහා මාර්ග අසල මෙවැනි නිහඩ උද්ඝෝෂණ ක‍්‍රියාත්මක වෙනවා.
මේ සැම තැනකදීම ආණ්ඩුව පොලිසිය ලවා මහජනයා පීඩාවට ලක්වීම,අනවසර ඉදිකිරීම්,මාර්ග අවහිර වීම වැනි සටනේ ඉල්ලීම්වලට කිසිසේත් අදාල නැති කාරණා ඉස්මතු කරමින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස සටන් කරන ජනතාව මර්දනය කරනවා. කොළඹදී ශිෂ්‍යන්ට කල පහරදීමත්, බදගිරියේදී බොන්න වතුර ඉල්ලූ ජනතාවට පහරදීමත්, දෙහිඅත්තකන්ඩියේදී ගොවීන්ට පහරදීමත් මේ ආකාරයේ ප‍්‍රජාන්ත‍්‍ර විරෝධී ජනතා විරෝධී කි‍්‍රයා මාර්ග.
මේ ආණ්ඩුව බලයට පත් උනේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන දැවැන්ත උද්ඝෝෂණයක් කරමිනුයි. නමුත් දැන් හරිම පැහැදිලියි මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනක යෙදෙන බව.
අපි ගුටි කන්න බය නැහැ.එහෙත් අනෙක් අයට ගහන්න ඉගෙන ගැනීම සදහා අපේ ඔඑවට පහර දීමට අපි ඉඩ දෙන්නෙත් නැහැ. ඒ වගේම එවැනි කිසියම්ම හෝ පහර දීමකට අප ඉඩ දෙන්නෙත් නැහැ.
ඒ නිසා අපි සියලුම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා මෙන්ම සටන් කරනවා. සිකුරාදා අධිකරණය කුමන තීරණය දුන්නත් අපේ උද්ඝෝෂණය පුු`එල් කරනවා. ඒ සදහා පුඑල් සමාජ බලවේග එකතු කරනවා.
කුමාර් සහෝදරයාගේ ගැටඑව සම්බන්ධව ආණ්ඩුව තමන්ගේ ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශ කල යුතුයි. අපි ආණ්ඩුවෙන් ලිඛිතව ඉල්ලා සිටියත් තවමත් ආණ්ඩුව අපට ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. නමුත් අපට සාකච්ඡුාවක් දෙන බවක් මාධ්‍යට කියනවා. අපට මේ සම්බන්ධව කිසිවක් නියා නැහැ. විෂය භාර ඇමතිවරයා අධිකරණ තීන්දුවක් එනතෙක් බලා සිටින බවක් කියනවා. නමුත් ඔහු පැහැදිලිවම දන්නවා එම තීන්දුව ගත යුත්තේ අධිකරණය නොව විධායකය බව. හරියට දස සිල් උපාසක ඉබ්බා පුච්චන හැටි කොල්ලන්ට කිව්වා වගේ ආණ්ඩුව ප‍්‍රකාශ නිකුත් කරමින් තම වගකීම මග හරිමින් ඉන්නවා.
40,000 ට ද්විත්ව පුරවැසිභාවය දුන් බවක් ආණ්ඩුව කියනවා.ජනාධිපතිවරයා පිටරට ගිය අයට ආපසු තමන්ගේ රටට එන්නැයි ආරාධනා කරනවා. නමුත් ලංකාවට ආව මනුස්සයා පන්නා ගන්නේ කොහොමද කියලා උපක‍්‍රම හොයනවා. ආපසු ගිහිල්ලා පුරවැසිභාවය ඉල්ලන්නැයි කුමාර් සහෝදරයාට බලකරනවා. මේ ආරාධනා කරන්නේ අවංකවද ?, පොදුවේ සිය`එ දෙනාම වෙනුවෙන්ද? නැතිනම් ආණ්ඩුවේ හිතවතුන්ට පමණක්ද? ආණ්ඩුවේ දේශපාලන විරුද්ධ මත දරන අයට මේ ආරාධනාව අදාල නැතිද? ආණ්ඩුවට දේශපානිකව විරුද්ධ පිරිස් මෙරටට පැමිණිය යුතු නැතැයි ආණ්ඩුව කල්පනා කරනවද?
අපි ඉල්ලන්නේ ද්වත්ව පුරවැසිභාවය නොව ,කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පාරම්පරික පුරවැසිභාවය පිළිගන්නා ලෙසයි.මේ ආණ්ඩුවේ සමහර මන්තී‍්‍රවරියන් මෙන්, පසුගිය ආණ්ඩුවේ සමහර නායකයින් මෙන් මේ රටේ එක් පයකුත් වෙනත් විදේශයක අනෙක් පයත් තබා ගන්නා පුරවැසිභාවයක් අප්ි ඉල්ලන්නේ නැහැ.
මේ සම්බන්ධව ආණ්ඩුව තමන්ගේ වගකීම ඉටු කරන තුරු සිය`එ දෙනාගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය තහවුරු කරන තුරු අපි සටන අත්හරින්නේ නැහැ.අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපත් සමග මේ සටනට සහභාගී වෙන්න කියා.
මෙම මාධ්‍ය සාකච්ඡුාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමන්ද නාගමුව සහභාගී විය.
පුබුදු ජයගොඩ දැක්වූ අදහස් අඩංගු හඩපටය