හුසේන් බෝල්ට් ලන්ඩන් තරගාවලියට

usain_bolt

ලන්ඩන් අනුස්මරණ තරගාවලියට සහභාගීවීමට හුසේන් බෝල්ට් ලන්ඩන් බලා එන බව බීබීසී මාධ්‍ය වාර්තා කරයි. මෙහි විශේෂත්වය වන්නේ 2016 බ‍්‍රසීලයේ රියෝද ජැනොයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලට පෙර හුසේන් බොල්ට් සහභාගීවන අවසන් තරගය වන නිසාය.

මේවන විට මීටර් 100 හා 200 යන ඉසව්වල සයවරක් ලෝක ශූරයා ලෙස කිරුළ දරා සිටින හුසේන් බොල්ට් සිය තෙවන ඔලිම්පික් තරගය ලෙස සැලකෙන රියෝ ඔලිම්පික් තරගාවලිය තුලදී සිය ඉසව් ජය ගැනීමට හැකි වුවහොත් ඔලිම්පික් ඉතිහාසය තුල මීටර් 100 හා 200 හා මීටර් 100 සහාය දිවීමේ ඉසව් තෙවරක් ජයගත් ප‍්‍රථම කී‍්‍රඩකයාවීමේ අමරණීය අවස්ථාවට පත්වනු ඇත. ඔහුට එම අභියෝගය ජයගැනීමටයාමේදී අභියෝගයක් එල්ල කළ හැකි අයෙකු සිටිනවාදැයි දැනගැනීමට හැකි හොදම අවස්ථාව වන්නේ  ලන්ඩන් අනුස්මරණ තරගාවලියේදීය.

එහිදී  හුසේන් බෝල්ට අභියෝගයක් කළ හැකි කෙටිදුර ධාවකයකු සිටිනවාදැයි ලොව පුරා සිටින කී‍්‍රඩා ලෝලීන්ට දැකබලා ගැනීමට අවස්ථාවක් ලන්ඩන් ක්‍රීඩා උළෙලදී උදාවනු ඇත.