විශේෂයෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි නිසි අවධානය දෙමළ දේශපාලනඥයන් වෙත එල්ල කිරීම හා බලපෑම් කිරීම සඳහා මෙම සංවිධානය ගොඩනගන බව වාර්තාවේ. කෙසේ වෙතත් උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන්ගේ විශේෂ මැදිහත්වීම මත ගොඩනැගෙන මෙම දෙමළ ජනතා සංගමයට නමින් වන සංවිධානය බිහිවීම ටී.එන්.ඒ. සංධානයේ දේශපාලන කටයුතුවලට යම් අභියෝගයක් එල්ල කිරීමේ අරමුණෙන් සිදු කරනු ලබන්නක් දැයි දේශපාලන ක්ෂේත්‍ර විශේෂ කතාබහට මේ ව විට ලක්ව තිබේ
මෙම සංගමයේ ප‍්‍රථම හමුව අද දින උතුරු පළාත් සභාවේදී පවත්වා තිබේ. එම අවස්ථාවට දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් මෙන්ම විවිධ විද්වතුන් හා සමාජ කි‍්‍රයාකාරිකයන් පිරිසක් මෙම මංගල හමුවට සම්බන්ධව ඇති බව වාර්තාවේ
නව සංවිධානයේ සම සභාපතිවරුන් ලෙස මහ ඇමැති විග්නේෂ්වරන්ද, දොස්තර පී.ලක්ෂ්මන් ද තෝරා ගෙන ඇත.
ඊළාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ ඊ.පී.ආර්.එල්.එෆ්. නායක හා හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික මහජන පෙරමුණේ ටී.එන්.පී.එෆ්. නායක හා හිටපු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, අදීන ස්වාමි සෝමසුන්දර පරමාචාර්ය හා කතෝලික පූජකවරු දෙදෙනෙක් වන එස්. මංගල රාජා හා ආර්.රවිචන්ද්‍රන් හා වෛද්‍යවරු දෙදෙනෙක්ද දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ කිහිප දෙනෙක්ද මෙම මංගල රැස්වීමට පැමිණ ඇතැයි වාර්තාවේ. එසේ ගොඩ නැගූ නව සංගමයට නව නිලධාරී මණ්ඩලයට උප කමිටු දෙකක්ද පත්කර ගෙන තිබේ.
ජාතික ප්‍රශ්නයට විසඳුම් වශයෙන් යෝජනා ඉදිරිපත් කිරීම හා සංස්කෘතික කටයුතු ගැන සොයාබැලීම එම කමිටු දෙකට පැවරේන වගකීම්බවද දොස්තර ලක්ෂ්මන් පවසා ඇත. මෙම සංගමයට දෙමළ දේශපාලනඥයන්ට බලපෑම් කණ්ඩායමක් වශයෙන් කටයුතු කරනු ඇතැයිද පැවසේ.
ඉදිරියේදී තම ජනතාවගේ අදහස් හා යෝජනා සෑබෑ ලෙසම තම මහජනයා ඉදිරිපිට ගතයුතු බවද දොස්තර ලක්ෂ්මන් මෙම අවස්ථාවට එක්වෙමින් පවසා ඇතැයි වාර්තාවේ.