පාර්ලිමේන්තු පුරප්පාඩුවට එජාපය තුළ බෙලි කැපිලි

UNP-Logo

ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධනගේ අභාවයත් සමඟ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුටුව සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ ගැටුමක් හටගෙන ඇතැයි වාර්තාවේ. එම මන්ත‍්‍රී ධුරය පසුගිය මැතිවරණයේදී පරාජය වූ රෝසි සේනානායකට ලබා දෙන ලෙස පක්ෂයේ සමාජික පිරිසක් එජාප නායකයාට බලපෑම් කරමින් සිටී. එහෙත් මෙවැනි අවස්ථාවක එක්සත් ජාතික පෙරමුණ විසින් නම් කරන ලද ජාතික ලැයිස්තුවට පිටින් කිසිවකුත් පත් නොකරන බව රනිල් වික‍්‍රමසිංහ දැඩිව පවසා තිබේ.

මෙම තත්වය තුළ අසුන හිමි කර ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් දෙදෙනකු වන එජාප මාධ්‍ය අංශ ප‍්‍රධානී ක‍්‍රිෂාන්ත කුරේ හා පසුගිය මැතිවරණවලදී එජාප ප‍්‍රචාරණය බාරව සිටි ප‍්‍රකට ප‍්‍රචාරක ආයතනයක හිමිකරුවා වන අර්වින් වීරක්කොඩි අතර තරගයක් ඇතිවී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. දැනට ගැටුම මැඩ පවත්වා ඇත්තේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හා සභාපති මලික් සමරවික‍්‍රම ලංකාවට පැමිණෙන තුරු තීරණයක් ගත නොහැකි බව කියමිනි.