පාන් රාත්තලක (ග්‍රෑම් 450) මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියලකින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසයි. පසුගිය අයවැයෙන් වැඩිකරන ලද ජාතිය ගොඩනැගීමේ බද්ධ ඇතුළු අනෙකුත් බදු ඉහළ යෑම හේතුවෙන් මේ වන විට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ ගොස් ඇති නිසා දැනට රුපියල් 54 ක් වන පාන් ගෙඩියක මිල රුපියල් 55 දක්වා වැඩිකිරීමට තම සංගමය තීරණය කළ බවයි. පාන් ගෙඩියක මිල මෙසේ වැඩිකිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කිරීමත් සමග අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද ඉදිරියේදී වැඩිවීමට බොහෝ ඉඩ ඇත.
.