ප්‍රතිසන්ධානය සඳහා සහාය දෙනවා – නෝර්වේ විදේශ ඇමැති

norway_borge-brende

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා සහාය පළ කරන බව නෝර්වේ විදේශ ඇමැති බෝර්ජ් බ්‍රෙන්ඩේ පවසයි. ඔහු සිය එක් දින නිල සංචාරය අතරතුර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමුවී සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සාම සාධක කටයුතුවලට මැදිහත් වන්නැයි නෝර්වේ රාජ්‍යයට ඇරැයුම් කරන ලද්දේ 1999 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධුරය දරන සමයේදීය. ශ්‍රී ලංකා රජය ප්‍රතිසන්ධානය සඳහා ගැනීමට බලාපොරොත්තු වන පියවර සම්බන්ධයෙන් හිටපු ජනාධිපනිය නෝර්වේජියානු විදේශ ඇමැතිවරයා දැනුවත් කර තිබේ.

විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි නෝර්වේ විදේශ ඇමැතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් සමඟද සාකච්ඡා පැවැත්වීය.

නෝර්වේ විදේශ ඇමැතිවරයකු දිවයිනට පැමිණියේ වසර දහයකට පසුව බව වාර්තා වේ.