ලංකාවේ ජාතික නාළිකාව බවට උදම් අනමින් සිටින ජාතික රූපවාහිනි චැනලයෙන් මහරාජා විකාශන ආයතනයේ ‘නිව්ස් ෆස්ට්‘ මයික්‍රෆෝනය අතැති නිවේදිකාවක් මතු වී ‘නිව්ස් ෆස්ට්‘ සජීව විකාශයේ කටයුතු අවසන් කරන බව පවසනු අද (4) සවස අසන්නට ලැබුණි.
අද කුරුණෑගල මාලිගාපිටියේ පැවැති ශ්‍රීලනිප 65 වැනි සමුලුව අවසානයේ එම සජීව විකාශය අවසන් කරන බවට නිවේදනය කරනු ලැබුවේ ‘නිව්ස්ෆස්ට්‘ නිවේදිකාව විසිනි. ජාතික රූපවාහිනිය මෙතෙක් පවත්වාගෙන ගිය ක්‍රමවේදයට අනුව එම ආයතනයේ කාර්යමණ්ඩලය සහ උපකරණවලින් කෙරෙන සජීව විකාශයන් වෙනත් චැනල හරහා විකාශය කෙරිණි. පැවැති ක්‍රමවේදය එය වුවත් මෙම ශ්‍රීලනිප සමුලුව අවස්ථාවේ සිදුවු තත්වය පිළිබද රූපවාහිනි ආයතනයට සම්බන්ධ මූලාශ්‍ර පවසන්නේ මහරාජා ආයතනයේ විකාශය ලබාගෙන දුන් විකාශය රටටම හෙළි වූ බවයි.