ප‍්‍රවීණ පරිවර්තක සිරිල් සී පෙරේරා සමුගනී!

cyril c perera

රුසියානු හා යුරෝපා සාහිත්‍ය කෘති සිංහල පාඨකයන්ට හදුන්වා දුන් ප‍්‍රවීණ ග‍්‍රන්ථ පරිවර්තකයෙකු වූ සිරිල් සී පෙරේරා අභාවප‍්‍රාප්ත විය.

‘යුද්ධය හා සාමය‘, ‘කර්මසෝ සහෝදරයෝ‘, ‘මහල්ලා සහ මුහුද‘, ‘එමා බෝවාරි‘, ‘වෘකයන් අතර නග්නව‘ ඇතුළු කෘති ගණනාවක් පරිවර්තනය කරමින් ඔහු ලාංකීය පාඨකයන් වෙත අනුපමේය සේවයක් ඉටු කළේය.  එසේම ඔහු ධර්මසිරි බණ්ඩාරනායක විසින් නිර්මාණය කළ ‘මකරාක්‍ෂයා‘, ‘ධවල භීෂණ‘ ආදී වේදිකා නාට්‍යවල පිටපත පරිවර්තකයා ලෙස කටයුතු කළේය.

ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කළ සිරිල් සී පෙරේරා සේවයෙන් විශ‍්‍රාම යන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කළේය. අභාවයට පත්වන විට අවුරුදු 93ක් වූ ඔහුට දරුවන් තිදෙනෙකි.

මෙම සම්මානනීය සාහිත්‍යකරුවාගේ දේහය, අවසන් ගෞරව සදහා දෙහිවල, කළුබෝවිල, රත්නාවලී පාර, අංක 57/10 දරණ ස්ථානයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත. සැප්තැම්බර් 7 වැනි බදාදා පස්වරුවේ කොහුවල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු වනු ඇත.

 

Leave a Reply