මේ වන විට ලංකාවේ දැඩි කතාබහට ලක්ව ඇති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන භික්ෂු කතිකාවත මහනාහිමිවරැන්ගේ ඉල්ලීමක් බව නිවේදන නිකුත් කරමින් මහ නාහිමිවරැ පවසති.
දීර්ඝ කාලයක් තිස්සේ මහා නායක හිමිවරුන් ප්‍රධාන සංඝරත්නය රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ථේරවාදී භික්ෂු කතිකාවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් එහි අරමුණ භික්ෂූන් පාලනයට රජයෙන් නීති පැනවීමක් නොවේ යැයි නිවේදනයක් නිකුත් කරමින් අස්ගිරි පාර්ශවයේ මහනාහිමි ගලගම අත්ථදස්සී මහ නාහිමියෝ කියති.
ඒ අතර මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ සුමංගල හිමියෝ ද බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් එවමින් මෙය පසුගිය රජයන් විසින් නොසලකා හැර තිබු කාරණාවක් කෙරෙහි වත්මන් රජය විසින් සැලකිල්ලක් දක්වන ලද අවස්ථාවක් ලෙස දන්වා ඇති බව අමාත්‍යංශය විසින් මාධය වෙත දන්වා ඇත.
මේ වන විට ශ්‍රි ලංකාවේ පාලන තන්ත්‍රෙය් ගැටළු ගණනාවක් මුල් කරගනිමින් ජනතාවට බොහෝ පීඩාවට පත්ව ඇති අවස්ථාවක භික්ෂු කතිකාවතක් ගෙන එමින් රජය විසින් මහජනතාවගේ අවධානය වෙනතකට යොමු කර ඇති බව වවිධ පාර්ශව විසින් චෝදනා නගමින් සිටී.