ගංවතුර තත්වය ක්‍රමයෙන් පහව යාමත් සමඟ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර එම රෝගය උත්සන්න අවස්ථාවේ රෝගීන්ට ලබා දිය යුතු ඩෙක්‌ස්‌ට්‍රෑන් නමැති අත්‍යාවශ්‍ය ඖෂධය මේ වන විට දැඩි හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
දැනට පවතින ඖෂධ සුළු ප්‍රමාණයත් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඒවා බවත් විශේෂඥ නිර්දේශ අනුව එම ඖෂධ රෝගීන්ට කිසිසේත් නුසුදුසු බවත් පෙන්වා දෙන ලදි. තත්වය එසේ තිබියදීත් නැවතත් ඉන්දියාවෙන් මෙම අතිශය නුසුදුසු ඖෂධය ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවත් වහාම එය නතර කර තායිලන්තයේ නිෂ්පාදනය කරන තත්වයෙන් උසස් ඖෂධය ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසන ලදි.