GMOA චෝදනා වැරදි බව පෙන්වන්න ඩෙක්ස්ට්‍රෑන් ගෙන්වයි!

ඩෙංගු රෝගීන්ට ලබා දෙන ඩෙක්ස්ට්‍රෑන් ඖෂධ නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන බවත් එම ඖෂධය අවශ්‍ය තරම් තොග රෝහල්වලට බෙදා හැර ඇති බව වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම අවධාරනය කරයි.
හදිසි ආපදාව ප්‍රදේශවල ඩෙංගු රෝගය පැතිර යා හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය ඩෙක්ස්ට්‍රෑන් තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා තායිලන්තයෙන් කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බවද වෛද්‍ය අමුණුගම සඳහන් කරයි. එසේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා තවත් ඩෙක්ස්ට්‍රෑන් තොගයක් ගෙන ඒමට කටයුතු කර ඇති බවද වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Leave a Reply