සුනාමි පිළිබඳ ව්‍යාජ බියක්!

කොළඹ –  ගාල්ල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් මුහුදු රළ ගාලු පාරට කඩාවැදීම ඒම නිසා අද දින ගාලු පාරේ ගමන් ගත් ඇතැමුන් විසින් සුනාමි පිළිබඳ ව්‍යාජ බියක් ප්‍රචාරය කර තිබේ.

අද (05) පෙරවරුවේ පැතිර ගිය  කටකතාවක් නිසා ඇතැම් ප්‍රදේශ වල සුනාමි පිළිබඳ මෙම පදනම් විරහිත භීතිකාව පැතිර ගොස් තිබුණද සෑම වසරකම එම ප්‍රදේශවල වාරකන් කාලයට මෙසේ මුහුදු රළ ප්‍රචන්ඩ වීම සාමාන්‍ය තත්වයකි. මෙවැනි තත්වයක් අද දක්නට තිබුනේ කහව, තෙල්වත්ත, පැරෑළිය, තොටගමුව, හික්කඩුව ආදී ප්‍රදේශවලය.

අද දිනය පුරා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැතිරගොස් තිබුණු ප්‍රචාරය පරිදි මෙය කිසිසේත්ම සුනාමි තත්වයක් නොවන බවත් බිය නොවිය යුතු සාමාන්‍ය තත්වයක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කළේය. මුලතිව් නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව කුඩා මසුන් විශාල පිරිසක් මියගොස් තිබීම මුල් කොට ද මෙවන් සුනාමි භීතිකාවක් හටගෙන ඇති අතර මෙම මසුන් මියයාමට හේතුව ජලයේ පවත්නා අම්ලකර මට්ටම පහළ යාම කාලගුණික වෙනස් වීම නිසා හටගත් උෂ්ණත්වය හෝ ජලයට කිසියම් විෂ ද්‍රව්‍යක් ‍මුසුවීම යන කරුණු තුනෙන් එකක් වියහැකි බවට විශේෂඥයෝ අනුමාන කරති.

Leave a Reply