චීන නිල පුවත්පත වන පිපල්ස් ඬේලි මගින් ජෝර්ජ් සොරෝස්ට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. චීන යුවානයට එරෙහි සංග‍්‍රාමයකට නොයන ලෙස චීන කොමියුනිස්ට් පක්ෂ පුවත්පත පසුගියදා සිය පළමු පිටුවේ පුවතකින් ජෝර්ජ් සොරෝස්ට අවධාරණය කර තිබිණි.
”චීන මුදල් ඒකකයට විරුද්ධව යුද ප‍්‍රකාශයක්, අහා!” යනුවෙන් සිරස්තලයක් යොදමින් චීන කොමියුනිස්ට් පක්ෂ පුවත්පත පවසා තිබෙන්නේ හොංකොං ඩොලරයට හා චීන රෙන්මින් ඒකකයට එරෙහිව යුද වැදීමෙන් කිසිදු සාර්ථකත්වයක් අත් නොවන බවය. චීනයේ අභ්‍යන්තර මුල්‍ය ඒකකය වන රෙන්මින් පසුගිය කාලයේ පසුබෑමකට ලක් විය. මේ අතර චීන මධ්‍යම බැංකුව විසින් විදේශ විනිමය සංචිත ප‍්‍රමාණය අඩු කරමින් මුදල් ඒකකය ඇදවැටීමෙන් වලක්වා ගැනිමේ උත්සාහයක් දරමින් සිටී.
චීන ආර්ථිකයේ වර්ධනය පසුගිය කාලයේ මන්දගාමී විම නිසා චීනය විසින් ආරක්ෂණ පියවර ගනිමින් සිටින අතර මෙම තත්වය උද්ගත වී තිබේ. ආසියානු ආර්ථිකය තුළ අනම්‍ය තත්වයන් හටගන්නේ චීන පිළිවෙත හේතු කොට ගෙන බැවින් චීන ආර්ථිකයට කඩාවැදීම නොවැලැක්විය හැකි තත්වයකට එනු ඇතැයි ජෝර්ජ් සොරෝස් පසුගියදා ලෝක ආර්ථික සමුලූවේදී ප‍්‍රකාශ කර තිබුණි. චීනය ඊට ප‍්‍රතිචාර දක්වමින් ඉහත ප‍්‍රතිචාරය දක්වා ඇති බව නිරීක්ෂකයන්ගේ අදහසයි. පසුගිය සෙනසුරාදා ෂිංහුවා පුවත් සේවය පළ කළ ලිපියකින් පවසා තිබුණේ චීන මුල්‍ය වෙළෙඳපොළ බිඳවැටෙන බවක් සිතා එයින් වාසි ගන්නට සමහරු අපේක්ෂා කළ ද එසේ බලාසිටිනවුන්ට කිසිදු ඉඩක් ලබාගන්නට නොහැකි වන බවයි.