ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිල රාජ්‍ය වෙබ් අඩවිය වන www.president.gov.lk වෙබ් අඩවිය කිසියම් පිරිසක් විසින් “හැක්“ කිරීම නිසා තාවකාලිකව අක්‍රිය වී ඇත. පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දින දෙකේදී මෙසේ වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට නතුව තිබිණි. මුළින්ම හැකර්වරුන් විසින් මෙසේ ජනාධිපති නිල වෙබ් අඩවිය හැක් කිරිමෙන් පසු අදාල වෙබ් අඩවියට පිවිසීමේදී බංගලාදේශ හැකර්වරුන් විසින් මෙම වෙබ් අඩවිය හැක් කර ඇති බවට නිවේදනයක් දර්ශනය විය.
පසුව නිල වෙබ් අඩවියේ මුල් පිටුව වෙනුවට සිංහලෙන් නිකුත් කර ඇති පනිවිඩයක් දිස් වී ඇත. එහි දක්වා ඇත්තේ ශ්‍රී ලාංකික වෙබ් අඩවි පිළිබද සැලකිල්ලක් නොදක්වන්නේ නම් ශ්‍රී ලංකාව ද සයිබර් යුද්ධයකට හසුවීමේ ඉඩ ඇති බවයි.
එමෙන්ම උසස් පෙළ විභාග හා සරසවි සිසුන්ගේ ඉල්ලීම් පිළිබඳව ද ජනාධිපතිවරයා අවධානය යොමු කළ යුතු බවට දක්වා ඇති “හැකර්වරුන්“ වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නොමනා ක්රීයාකලාප වහාම නවතා දමන ලෙසයි. මෙහි අවසානයේ දක්වා ඇත්තේ “මීට ශ්‍රී ලාංකික තාරුණ්‍යය“ යනුවෙනි.
කෙසේ වෙතත් මේ වන විට අදාල වෙබ් අඩවිය යථා තත්වයට පත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පරීක්ෂණ ආරම්භ කර ඇත.