මැති ඇමතිවරුන්ට ජනතාවට සේවය කිරීම සඳහා නිතර ගමන් බිමන් යාමට සිදුවන බැවින් ඔවුන්ට වෙනත් අයට වඩා වටිනා වාහන අවශ්‍යබව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය,කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලකපවසයි.
ජුනි 7වැනිදා මැති ඇමතිවරුන්ට රුපියල් කෝටි 118ක් වටිනා වාහන ලබාගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට යොමු කිරීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වුයේ ඊයේ (08)රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
කොහොමත් වසර 5න් 5ට වාහනයක් ලබාගැනීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන නිසා වාහන මිලදී ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමේ කිසිදු ගැටළුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
සාමාන්‍ය වාහන නොව එක් අමාත්‍යවරයෙකුට වාහනයක් සඳහා කෝටි 3.5ක්ද,තවත් අයෙකුට කෝටි 2.5ක්ද ආදී වශයෙන් කෝටි ගණනින් ඉතා ඉහළ වටිනාකමකින් යුතු වාහන සඳහා මුදල් වෙන්කිරීම අනුමත කළ හැකිදැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කල විට ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යවරුන් පාවිච්චි කරන වාහනවල මිල ගණන් එවැනි ඉහළ මට්ටමක පවතින බැවින් ඒ අයුරින් මුදල් වෙන් කර ඇති බවයි.
මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වන්නේද ජනතාවට සේවය කිරීමටම බව ඇමතිවරයා වැඩි දුරටත් එහිදී අවධාරණය කළේය. පසුගිය සතියේ ආණ්ඩුව වාහන සඳහා බදු ඉහල නැංවීමත් සමග වාහන මිල සීඝ්රයෙන් ඉහල ගොස් වාහන ගැනීම ජනතාවට වැඩිවැඩියෙන් අපහසු වී තිබේ.