ලොකු අයට එක හැන්දකින්, පොඩි අයට වෙන හැන්දකින් – අන්තරය

lahiru

ලොකු ලොකු අයට සහ ප්‍රබල පුද්ගලයන්ට එක විදියකටත් දුබලයාට සහ සාමාන්‍ය පුරවැසියාට එක විදියකටත් සැලකීම නීතියේ ආධිපත්‍යය ද යන්න මේ වනවිට ගැටලුවක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු විසින් ඔහුගේ නිළ කාමරයේදී සරසවි සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.

 එ් සම්බන්ධයෙන් ළහිරු වීරසේකර තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

‘අදාළ ආචාර්යවරයා තවත් කිහිප දෙනෙකු සමග ශිෂ්‍යයාට පහර දීල තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා අදාල ශිෂ්‍යයා මේ වනවිට රෝහල්ගතවෙලා ඉන්නෙ. මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලන්ට අධිකරණයෙන් ඇප ලබාදුන්නා.

ඒ වගේම අපි පහුගිය දවස්වල දැක්කා අලි පැටවකුගේ සිද්ධිය සම්බන්ධයෙන් කට්ටි පනිමින් සිටි තිලිණ ගමගේ විනිසුරුවරයාට පැය කිහිපයකදී ඇප ලබාගන්න පුලුවන්. මේ වගේ ප්‍රබලයන්ට ඇප ලබාදෙන අධිකරණය බැනවැදීම, තර්ජනය කිරීම කියන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තාමත් තාමත් සිරගතව ඉන්නවා.’