සුපිරි වාහන අල්ලස වැඩ කරයි – විශ්වාසභගංය පරාදයි!

2016.06.09.MR vs Ravi

මුදල් ඇමති රවි කරුණානායකට එරෙහිව විපක්ෂයේ විශ්වාස භංගය වැඩි ඡන්ද 94කින් පරාජයට පත්ව තිබේ.

විපක්ෂයේ මහින්ද රාජපක්ෂ හිතවාදීන් විසින් සංවිධානය කර විශාල ප්‍රචාරයක් ලබා දෙමින් ඉදිරිපත් කෙරුණු මෙම විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 145ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 51ක් පමණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් අද දින ඡන්දය දීමට නොපැමිණි ගණන 28කි. ජනාධිපතිවරයා මේ වන විට සිටින්නේ විදේශ සංචාරයකය.

විශ්වාසභංගය ඉදිරිපත් කළ විපක්ෂ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස, හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නොසිටීම මෙහිදී විශේෂයෙන් කැපී පෙණුනි.