ඖෂධ නියාමන අධිකාරියට ඇමතිගේ ගොට්ටෝ – වෛද්‍ය ගිෂාන්ත දසනායක

2016.04.26-ACGMOA

 ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරීවරයා සහ සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් සිදුවූ පුරප්පාඩු සඳහා නුසුදුස්සන් පත්කර ඇති බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති ගිෂාන්ත දසනායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය 10වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. අදාල තනතුරු සඳහා පත්ව සිටි මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය සහ මහාචාර්ය ලාල් ජයකොඩි සිය තනතුරුවලින් ඉල්ලා අස්වූ අතර එයට හේතුවූයේ ඔවුන්ගේ රාජකාරිවලට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සිදුවූ බලපෑම් බව ගිෂාන්ත දසනායක වැඩිදුරටත් පැවසීය.

මෙම පුරප්පාඩු සඳහා පුද්ගලයන් පත්කිරීමේදී සෞඛ්‍ය ඇමතිවරයා ඖෂධ නියාමන අධිකාරි පනතේ ඇති දුබලතා ප්‍රයෝජනයට ගෙන ඇති අතරම පනතේ සෞඛ්‍ය ඇමතිවරයාට හිමිව ඇති බලතල ඉක්මවා කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කළේය. මෙම මාධ්‍ය හමුවට සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය, වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුව ඇතුළු වෘත්තීය සමිති සහ සංවිධාන සහභාගී විය.

හඩපටයට සවන්දෙන්න

https://www.youtube.com/watch?v=XMuDRDoAvFE&feature=youtu.be

 

Leave a Reply