මේ ආණ්ඩුව පසුගිය මැතිවරණ වලදී පොරොන්දු වූ විගණන පනත සම්මත කරනවා වෙනුවට එහි බලතල කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට විඝණන දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව චෝදනා කරයි.
මේ වනවිට සකස් කර අවසන්ව තිබෙන විගණන පනතේ වගන්ති 57කින් විස්සක්ම ඉවත් කිරීමට දේශපාලන බලපෑම් එල්ලවී ඇතැයි වාර්තා වේ. විගණන පනතට අදාළ නීති කෙටුම්පත් සැකසීමේ වගකීම පැවරී ඇත්තේ විගණන දෙපාර්තමේන්තුවට වුවත් එමගින් සකස් කළ පනත් කෙටුම්පතේ වැදගත්ම වගන්ති කප්පාදු කර එය නීතිපති දෙපාර්තමේන්තුවට යැවීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කර තිබේ.