ඊයේ පස්වරු 6.00ට පමණ පූගොඩ ගිරිදර ප්‍රදේශයේ පාවහන් නිෂ්පාදන කම්හලක ඇති වූ ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙන මුත් ගින්නෙන් කම්හල සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.
ගුවන් හමුදාව සහ ගිනි නිවන හමුදාව එක්ව ක්‍රියාත්මක වීමෙන් පැය කිහිපයකට පසුව ගින්න නිවා දැමූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.