පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පත් කිරීමට තීරණය කර තිබේ.
මීට අමතරව අබ්දුල්ලා මහරුෆ් මන්ත්‍රීවරයාද ඒ සඳහා පත් කර ඇත. කෝප් කමිටුවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු පත් කළ යුතු යැයි කළ ඉල්ලීම අනුව ඔවුන් පත් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන අතර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පසුගිය සමයේ මූල්‍ය දුෂණ පිලිබඳ චෝදනා වලට ලක්වූ අයෙකි.
කෝප් කමිටුවේ කාර්යභාරය වන්නේ ජනතා අරමුදල් අවභාවිතය පිළිබඳව විමර්ශන සිදු කිරීමයි.