තිලින නිදහස් – සාක්ෂිකරු රිමාන්ඩ්

thilinaweb

අලි පැටවෙකු නීති විරෝධී ලෙස තබාගෙන සිටි බවට චෝදනා ලැබූ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇප පිට මුදා හරිනු ලැබූ නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න තවත් පුද්ගලයෙකු ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට  මහතා නියෝග කළේය.

අනවසර අලි පැටවකු රුපියල් ලක්ෂ තිහකට විකුණන ලදැයි චෝදනා ලැබූ මහරගම චන්ද්‍රරත්න යටවර නැමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත් කරනු ලැබීය.

සැකකරු ඇපමත මුදා හරින ලෙස කරුණු දැක්වීමට නීතිඥයන් සූදානම්වූ අවස්ථාවේදී එම කරුණු මීළඟ නඩු දිනයේදී දක්වන ලෙස පැවසු මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ක්‍රියාත්මක කළේය.

මේ යටවර නමැති පුද්ගලයාට අයත් ඇතින්නකට ලැබුණු පැටවෙකු ලෙස අදාළ අලි පැටවා නම් කර ව්‍යාජ ලේඛනය සකස් කර තිබිණි. නමුත් ඔහු චුදිත අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ ඥාති සොහොයුරියකගේ නිවෙසක මෙහෙකරුවෙකි.

ඒ අනුව මෙම පුද්ගලයාගේ නම යොදාගෙන අතිරේක මහේස්ත්‍රාත් තිලින ගමගේ වංචාවක් කර ඇති බවට පැහැදිලි සැකයක් ඇතිවන මුත් අධිකරණය තිලින ගමගේ නිදහස් කර මෙම මෙහෙකරුවා රිමාන්ඩ් කිරීමට ක්‍රියා කළේය. මෙම පුද්ගලයා නඩුවේදී තිලින ගමගේට එරෙහි සාක්ෂිකරුවෙකු ලෙස යොදාගත හැකි පුද්ගලයෙකි.

තිලිණ ගමගේ පසුගිය 03 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට ඇප ලබා දීමේදී අලි පැටවුන් පොදු දේපොල වර්ගයට අයත් නොවන බව පැවසීම හා යටවර නමැත්තාට ඇප ලබා නොදීමෙදී අලි පැටවා පොදු දේපලක් ලෙස අර්ථකථනය කිරීම විවේචනයට බඳුන්වී තිබේ.

Leave a Reply