කුමාර් ගුණරත්නම් යලි රිමාන්ඩ්, නඩු විභාගය ජනවාරි 08

kumar gunarathnam

ඊයේ කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැදවන ලද කුමාර් ගුණරත්නම්ට අදාළ නඩුව ජනවාරි 8වැනිදා නැවත විභාග කිරීමට තීරණය විය.ඒ වනතුරු ඔහුව නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝගකර ඇත.

ඊයේ දින අධිකරණයේදී සලකා බලනු ලැබුයේ කුමාර් ගුණරත්නම්ට ඇප ලබාදීම ගැන ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් විසින් කරන ලද ඉල්ලීම සලකාබැලීමයි. නමුත් ඇප ලබාදීමක් ඊයේ සිදුනොවුනි.

කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර කාලය දීර්ඝ කිරීම සඳහා නැවත දෙසැම්බර් 11වැනිදා යලි කුමාර් ගුණරත්නම්ව අධිකරණය ඉදිරියට පමුණුවනු ලෙසද අද දින විනිසුරු නියෝග කර තිබේ.