පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ පවත්වන ලද විරෝධතා පාගමන මරදාන ටෙක්නිකල් හන්දියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීමට උත්සාහ කළත් පොලිස් මාර්ග බාධක යොදා එයට අවහිර කළ අතර විරෝධතා කරුවන් එම බාධක බිදගෙන ඉදිරියට යාමට උත්සාහ කළත් එම අවස්ථාවේ පොලිස් කැරළි මර්දන ඒකකය විසින් ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතා කරුවන්ව නවතා දමන ලදී.
එම විරෝධතාව අවසානයේදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව අදහස් දක්වමින් .“තම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සිර ගත කර මේ වන විට දින 77ක් ගත වී ඇති බවත්, තමන් විවිධ අවස්ථාවලදී මේ පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු කිරීම සඳහා විවිධ විරෝධතා ව්‍යාපාර පැවැත්වූ බවත්, නමුත් ආණ්ඩුවේ යහපත් කිසිදු ප්‍රතිචාරයක් ලබා නොදී කල් මරමින් සිටින බවත් එයට විරෝධය පළ කිරීමේ අඛණ්ඩ ක්‍රියාමාර්ගයක එක් අවස්ථාවක් ලෙස මෙම විරෝධතාවය පවත්වන බවයි.
අද දින මෙම උද්ඝෝෂණය මේ පිළිබඳ පොදු සමාජය තුළ සෑම දෙනාම පාහේ කුමාර් ගුණරත්නම්ට දේශපාලන අයිතිය ලබා දිය යුතුය යනුවෙන් පවසති. නමුත් ආණ්ඩුව තවමත් මෙකී දේශපාලන ප‍්‍රශ්නය වෙනුවෙන් යුක්තිසහගත මැදිහත්වීමක් නොකර කල් මරමින් සිටී.
ආණ්ඩුවේ එම නිහඩ පිළිවෙතට විරෝධය පළකිරීමත් වසර 30 මෙරට දේශපාලනයේ නිරතව සිටි කුමාර් ගුණරත්නම්ව වහාම නිදහස් කිරීමට කටයුතු කලයුතු බවත් වැඩිදුරටත් මාධ්‍ය අමතමින් පැවසීය.
කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස බල කරමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් විශාල පිරිසක් විසින් ඊයේ (19) දින මරදාන ටෙක්නිකල් හංදියෙන් ආරම්භ කල විරෝධතාවයේ අවස්ථා.











