කෑලි 6කට කඩා ලංවිම විකුණන ලකුණු

2016-05-08 ceb

ලංකා විදුලි බල මණ්ඩලය කොටස් හයකට වෙන්කර පුද්ගලික සමාගම් වලට විකුණා දැමීමේ උත්සාහයක් වාර්තා වේ. ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි පවසන්නේ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය මත මේ පුද්ගලීකරණ ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි. මෙවැනි තත්වයක් තුළ තම සංගමය දැනට කොමිසමට ලබා දෙන සහයෝගය අත්හිටුවීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසයි.