කැලනිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය උළෙල ජූලි 6-9 දක්වා කොළඹ 7 බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ (NADA) පැවැත්වේ.
ජූලි 6 වැනිදා සවස 3.30 සහ 6.00ට හර්ෂිකා රත්නායකගේ ‘රිද්දි‘ වේදිකා ගත වේ. ජූලි 7 වැනිදා සවස 3.30 සහ 6.00ට ප්‍රියන්කර රත්නායකගේ ‘අද වගේ දවසක ඇන්ටිගනි‘ වේදිකා ගත වේ. සංජීව ගුණරත්නගේ ‘දහස් ගණන් වැන්දඹුවෝ‘ නාට්‍ය ජූලි 8 සවස 3.30 සහ 6.00ට වේදිකා ගත වේ. ජූලි 9 වැනිදා සවස 3.30 සහ 6.00ට වේදිකාගත වන්නේ ප්‍රියන්කර රත්නායකගේ ‘ප්‍රේමවන්ත කුමාරයෝ‘ නාට්‍යයයි.