බ‍්‍රසීලයට නව ජනාධිපතිවරයෙක්, ඩෙල්මා රුසෙෆ් ඉවතට

dilma.jpgweb

පසුගියදා බ්‍රසීල ජනාධිපතිධූරයෙන් ඩෙල්මා රුසෙෆ්ට තාවකාලිකව ඉවත් කොට තිබුනි. ඒ ඇයට එරෙහි රාජ්‍ය දේපොළ අවභාවිතාවේ යෙදවීම හා තවත් වංචා දූෂණ සිදුකර ඇතැයි විපක්ෂය විසින් චෝදනා කිරීම හා ඇයට එරෙහිව දෝෂාභියෝගයක් එරට පහළ මන්ත්‍රී මංඩලයට ඉදිරිපත් කිරීම හේතුවෙනි.

මේ දෝෂාභියෝග චෝදනාව නිසා ඇයව තාවකාලිකව ජනාධිපතිධුරයෙන් ඉවත් කොට පරීක්ෂණ පැවැත්වීය. ඊයේ පැවැති දෝෂාභියෝග පරීක්ෂණය අවසානයේ සෙනෙට් මංඩල ඡන්ද විමසීමෙන් ඇයට එරෙහිව සෙනෙටේ මණ්ඩල නියෝජිතයින් 61 දෙනෙකු දෝෂාභියෝගයට පක්ෂවත් සෙනෙට් මණ්ඩල නියෝජිතයින් 20ක් දෝෂාභියෝගයට එරෙහිව  ඡන්දය ප්‍රකාශකර ඇතැයි වාර්තාවේ.

කෙසේවෙතත් එරට ව්‍යවස්ථාවට අනුව සෙනෙටේ මණ්ඩලයේ මැදිහත්වීමකින් සිදුකරනු ලබන පරීක්ෂණයකින් අනතුරුව පවත්වන සෙනෙට් මණ්ඩල ඡන්ද විමසීමක් පැවැත්වේ. ඒ අනුව එම පරීක්ෂණය අවසානයේ ඊයේ සෙනෙට් මණ්ඩල ඡන්ද විමසීම පවත්වා තිබේ.

ව්‍යවස්ථාවට අනුව සෙනෙට් මණ්ඩල ඡන්දවිමසීමෙන් තුනෙන් දෙදක ඡන්දයකින් එරට ජනාධිපතිවරයා ඉවත් කිරීමට හැකියාව තිබේ. එරට විපක්ෂය විසින් ඩෙල්මා රුසෙෆ්ට එරෙහිව යොදාගනු ලැබුයේ මෙම ව්‍යවස්ථා ප්‍රතිපාදනයන්ය.

මේ අනුව ඇයට හිමිව තිබූ ඉතිරි ධූරකාලය තුල ජනාධිපතිවරයා ලෙස එරට විශාලතම පක්ෂයේ නායක ලෙස කටයුතු කරන මයිකල් ටෙමාර් ජනාධිපතිවරයා ලෙස 2019 වසර දක්වා කටයුතු කරනු ඇතැයි වාර්තාවේ.

මෙම දෝෂාභියෝගය පරාජයත් සමග එරට වසර13ක් තිස්සේ පැවැති වාමාංශික කම්කරු පක්ෂයේ දේශපාලන බලය ගිලිහීයනු ඇත.