කාබුල් නුවර බෝම්බ පිපිරීමෙන් 80 වැඩි පිරිසක් මියගොස් තවත් 320කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද උදෑසන එරට වේලාවෙන් 8.30 පමණ මෙම වාහනයක සවිකරන ලද බවට සැකකරන බෝම්බ් ප්‍රහාරය එල්ලවී ඇති අතර ඇෆ්ගනිස්ථානයේ කබුල් අගනුවර විදෙස් තානාපති කාර්යාල හා ඔවුගේ නේවාසික ස්ථානයන් විශාල ප්‍රමාණයක් පිහිටා ඇති ප්‍රදේශය ඉලක්කකර මෙම මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරය එල්ලකර ඇති බව වාර්තාවේ.
මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසවකු බාරගෙන නොමැතිබවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් මෑතක ඇෆ්ගනිස්ථානයේ ප්‍රහාරයන් ගණනාවක් තලෙයිබාන් හා ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් විසින් සිදුකර තිබුනි.
අද දින මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාව එරට ජනතාවගේ දෛනික කටයුතු ආරම්භ කිරීම සදහා බොහෝ පිරිස් මහ මග ගමන්කරමින් සිටින දැඩි ජනාකීරණ අවස්ථාවකි. මේ හේතුවෙන් බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් මෙතරමි පිරිසක් මියයන්නට තුවාල ලබා ඇති බවයි.
පිපිරීම සිදුව ඇති ආසන්නයේ ජර්මන් තානාපති කාර්යාලය පිහිටා ඇති ආසන්නයේ බව වාර්තාවේ. කෙසේ වෙතත් එහි නිළධාරීන්ට සිදුව ඇති හානිය පිළිබදව වාර්තාවී නොමැති අතර ජපන් තාතානපති කාර්යාලයේ නිලධාරීන් දෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බව වාර්තාවේ.ප්‍රංශ තානාපති කාර්යාලය පවසා ඇත්තතේ සිය කාර්යය මණ්ඩලයේ කිසිදු අයෙකුට අනතුරක් නොමැති බවයි.