தமிழ்
English
Contact
Monday 18th December 2017    
'යහපාලන' ආණ්ඩුව ශිෂ්‍ය නායකයන් දඩයමේ! (Update) | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘යහපාලන’ ආණ්ඩුව ශිෂ්‍ය නායකයන් දඩයමේ! (Update)



සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දිනේෂ් මධුරංග ඊයේ (25) නිවසේ සිටියේදී සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාගම වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගනුම ලබන දිමුතු ලක්ෂාන් ශිෂ්‍යයා එදිනම සවස 5.00ට පමණ මරදාන පොලිසිය විසින් කටාන පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී. අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු මොරටුව සරසවියේ ෆයිසාන් අහමඩ් යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙක් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඊයේ රාත්‍රී 7.00 ට පමණ පොලිසිය විසින් රාගම වෛද්‍ය පීඨයේ පළමු වසර ඉගෙනුම ලැබූ තවත් ශිෂ්‍යයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් පදනම මත වෛද්‍ය උපාධිය ලබාදෙන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීමට බලකරමින් පසුගිය 21 දින පැවැත්වූ විරෝධතාවයට සම්බන්ධ වූ ක්‍රියාකාරින් මෙසේ පොලිසිය විසින් ලැයිස්තුගත කර දඩයමක් ආරම්භ කර තිබේ. මේ අතර තවත් ශිෂ්‍ය නායකයන් කිහිපදෙනෙකුගේ නිවෙස්වලට ගොස් ඇති පොලිස් නිලධාරින් එම ශිෂ්‍යයන් පොලිසියට  බාරදෙන ලෙස මව්පියන්ට දන්වා ඇති අතර එසේ බාර නොවුනොත් නිවසේ සිටින අයෙකු අත්අඩංගුවට ගන්නා බවටද තර්ජනය කර ඇත.

සයිටම් ආයතනය අහෝසි කිරීමට බලකරමින් පැවති පාගමනේදී පොලිස් පහරදීම නිසා රෝහල් ගතකළ සිසුන්ගේ තොරතුරු මත පොලිසිය එම සිසුන්ගේ නිවෙස්වලට ගොස් එම සිසුන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වේ. මේ අතර, ජයවර්ධනපුර තාක්ෂණික පිඨයේ පළමුවසරේ සිසුවෙකු සොයා බොරලැස්ගමුව පොලිසියේ පිරිසක් නේවාසිකාගාරය තුළට පැමිණීයහ. මෙම සිදුවීම් අනුව පෙනී යන්නේ ආණ්ඩුව විසින් 88-89 යුගයේ ක්‍රියාත්මක කළ ආකාරයේ දඩයමක් ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව සිදු කරමින්  පවතින බවයි

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මාධ්‍ය හමුවකදී උත්සන්න වී තිබෙන මර්දනකාරී තත්වය පිළිබද අදහස් ප්‍රකාශ විය. මාලඹේ සයිටම් ගැටලුව සදහා විසදුම් ලබා දෙනු වෙනුවට රැවටිලිකාර ප්‍රකාශ නිකුත් කර ආණ්ඩුව සැබෑ ප්‍රශ්නය යටපත් කර සිසු නායකයන් අත්අඩංගුවට ගැනීමෙන් සයිටම් අරගලය හෝ අධයාපන අයිතිය වෙනුවෙන් ගොඩනැගෙන පුලුල් අරගල යටපත් කළ නොහැකිය. සිසු නායකයන් මෙසේ සියගණන් සිරගත කළද, තවත් සිසු නායකයන් ශිෂ්‍ය ව්‍යාපාරයේ අරමුණු ඉදිරියට ගෙනයාමට එක්ව සිටින බවත් අනතර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු සදහන් කර සිටි.




Related News