කොරියානු ජාතිකයින් සියෝල් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය වටකරයි
Posted on 06.25.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
දහස් ගණනක් දකුණු කොරියානු ජාතිකයින් සියෝල් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය වටකරමින් උද්ඝෝෂණයක නිරතවේ.
ඇමෙරිකාව විසින් දකුණු කොරියාවේ මෑතකදී ස්ථාපිත කරන ලද තාඩ් මිසයිල නාශක පද්ධති වහාම නැවත ගෙනයන ලෙස බලකරමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කර ඇත. මෙහි මූලික අංගයක් ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයාට බාරදීමට විශාල විරෝධතා බැනරයක් අත්සන් කිරීමට ඔවුන් කටයුත් කර ඇතැයි වාර්තාවේ.
ඉදිරි සතිය තුලදී නව දකුණු කොරියානු නව ජනාධිපති මූන් ජේ. යින් හා ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇත. එහිදී ප්‍රධාන මාතෘකාව වනු ඇත්තේ මෙම ගැටලුකාරී තාඩ් මිසයිලකාශක පද්ධතිය පිළිබදව බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.
දකුණු කොරියානු ජනතාව මෙම එක්සත් ජනපද ආක්‍රමණකාරී ප්‍රවේශයන්ට එකගතාවයක් නොමැති වුවත් එරට පාලකයින් විසින් එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති මත කටයුතු කිරීමට පෙළඹේ.
Related News